ගතවූ පැය 24 තුළ ඉන්දියාවෙන් ආසාදිතයන් 110ක්
Saturday, 28 March 2020 - 9:55 | Views - 695
ගතවූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා වෛරස් ආසාදිතයන් 110 දෙනෙකු හමුවී තිබෙනවා.
එය ඉන්දියාවෙන් දිනක් තුළ වාර්තාවූ වැඩිම රෝගීන් සංඛ්‍යාවයි.
ඒ අනුව එරට මුළු ආසාදිත සංඛ්‍යාව 834ක් දක්වා ඉහළ යන අතර, ඉන්දියාවෙන් කොරෝනා මරණ 19 ක්ද වාර්තාවුණා.
ඉන්දියාවේ මේ වනවිට දින 21ක පූර්ණ නිරෝධායන කාලයක් ක්‍රියාත්මක වන අතර, ඉන්දීය මුදල් අමාත්‍යාංශය මගින් දැවැන්ත සහන පැකේජයක්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.
Share This Article