ඊයේ දිනයේදී (27), මෙරටින් කිසිදු කොරෝනා රෝගියෙකු වාර්තා වී නැහැ
Saturday, 28 March 2020 - 8:10 | Views - 595
ශ්‍රී ලංකාවෙන් ඊයේ දිනය තුළ කිසිදු කොරෝනා වෛරස් ආසාදිත රෝගියෙකු වාර්තා වී නැහැ.
ඒ අනුව ආසාදිත සංඛ්‍යාව තවදුරටත් 106 මට්ටමේ පවතින බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළා.
වසංගත රෝග විද්‍යා අංශය කියා සිටියේ ඉන් 7 දෙනෙකු ප්‍රතිකාර ලබා මීට පෙර රෝහල් වලින් පිටව ගොස් ඇති අතර, තවත් 99 දෙනෙකු ප්‍රතිකාර ලබන බවයි.
කොරෝනා වෛරසය යැයි සැක සහිතව වෛද්‍ය අධීක්ෂණය යටතේ තවත් 238 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.
මේ අතර, කොරෝනා බවට සැක කෙරෙන රෝගීන් 24 දෙනෙකු පමණ දැනට ප්‍රතිකාර ලබන හෝමාගම මූලික රෝහලේ කටයුතු සඳහා රොබෝ යන්ත්‍රයක් යොදා ගැනීමේ වැඩසටහන අද සිට ක්‍රියාත්මක කිරීමට නියමිත වනවා.
Share This Article