බ්‍රිතාන්‍ය අගමැතිටත් කොරෝනා වෛරසය ආසාධනය වී ඇතැයි තහවුරු වෙයි
Friday, 27 March 2020 - 17:38 | Views - 1,063
බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ට කොරෝනා වෛරසය ආසාධනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා.
වෛරසය වැළඳී ඇතැයි පෙන්නුම් කෙරෙන සාමාන්‍ය රෝගී ලක්ෂණ තමාට පවතින බවයි සිය ට්විටර් ගිණුම ඔස්සේ වීඩියෝ පණිවුඩයක් එක් කරමින් බ්‍රිතාන්‍ය අගමැතිවරයා ප්‍රකාශකර ඇත්තේ.
මේවන විට තමා ස්වයං නිරෝධායනයේ නිරතවන අතර අගමැති ධුරයට අදාළ රාජකාරී කටයුතු අඛණ්ඩව සිදුකරන බව ද ඔහු සඳහන් කර තිබෙනවා.
Share This Article