ඖෂධ නිවෙසටම ගෙනැවිත් දෙන ක්‍රියාවලිය සිදුවෙන හැටි ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්
Friday, 27 March 2020 - 16:53 | Views - 2,311
කොරෝනා වෛරස් ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ඖෂධහල් වෙත මහජනතාව පැමිණීම සීමා කිරීම වෙනුවෙන් පෞද්ගලික ඖෂධහල් මගින් ඖෂධ නිවසටම ගෙනැවිත් දීම සඳහා ක්‍රියාවලියක් හඳුන්වාදී තිබෙනවා.

මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් දිවයින පුරා ඖෂධහල් හඳුනාගෙන ඇති අතර එම ඖෂධහල් ලැයිස්තුව සෞඛ්‍ය අමාත්‍යංශයේ www.health.gov.lk වෙබ් අඩවිය මගින් හෝ http://bit.ly/slpharm මගින් ලබාගත හැකියි.

තෝරාගත් ඖෂධහල්වල ලිපිනය, දුරකථන අංකය,  (WhatsApp Viber Imo)  අංකය හා ඖෂධවේදියාගේ නම එමගින් ලබාගත හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යංශය කියාසිටියේ.

මෙහිදී ඖෂධ සඳහා මුදල් අයකරන අතර එම බිලට සාධාරණ ප්‍රවාහන ගාස්තුව ද ඇතුලත් කෙරෙනවා.

ඖෂධ සඳහා ගෙවීම අත්පිට මුදලට හෝ අන්තර්ජාලය හරහා සිදු කළ හැකියි.

කිසියම් අයෙකුට ඖෂධ මිලදී ගැනීමට අවශ්‍ය වන්නේ නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු විසින් මෑතකදී නිර්දේශිත බෙහෙත් වට්ටෝරුවේ ඡායාරූපයක් එගන එය WhatsApp, Viber හෝ Imo හරහා තෝරාගත් ෆාමසිය වෙත යොමු කළ යුතුයි.

ෆාමසිය මගින් එම ඖෂධ පැය 24ක් ඇතුළත නිවසටම ගෙනැවිත් දෙනු ඇති.

ඖෟෂධ ලබාගැනීමට උපදෙස් සහ ඖෂධවේදියාගේ දුරකථන අංකය ඖෂධ පැකට්ටුවේ සඳහන් කරනු ලබන අතර යම් ගැටලුවක් මතුවුවහොත් ඖෂධවේදියා අමතන ලෙසටයි සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දෙන්නේ.

වැඩිදුර තොරතුරු සඳහා 0720 720720 අංකය ඇමතීමෙන් සිංහල හා ඉංග්‍රීසි භාෂාවෙන් ද 0720 606060 අංකය ඔස්සේ දෙමළ භාෂාවෙන් ද තොරතුරු ලබාගත හැකියි.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top