බ්‍රිතාන්‍යයේ විශාලතම පවුලේ හිමිකාරිය 22 වන දරුවාගේ ප්‍රසූතිය සදහා සූදානම් වන හැටි මෙන්න
බ්‍රිතාන්‍යයේ විශාලතම පවුල වන, Sue Radford පවුලේ 22 වන දරුවාගේ උපත තවත් සති කිහිපයකි සිදුවීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
48 හැවිරිදි නොයෙල් සහ 44 හැවිරිදි Sue මේ වනවිට ලැන්කෂෙයාර් ප්‍රාන්තයේ පදිංචිව සිටින බව සදහන්.
ඔවුන්ගේ පළමු දරුවාගේ වයස මේ වනවිට තිහක් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.
ඉදිරි සතියක උපත ලබන දරුවා ගැහුනු දරුවෙකු බවට ද වෛද්‍ය වාර්තා මගින් තහවුරුවී තිබෙනවා.
ඒ අනුව එම පවුලේ සිටින ගැහැනු දරුවන්ගේ සංඛ්‍යාව 11 දක්වා ඉහළ යනු ඇති.
මේ වනවිට එහි සිටින පිරිමි දරුවන්ගේ සංඛ්‍යාව ද 11 ක් වනවා.
ඇයගේ Instagram ගිණුමෙහි අනුගාමිකයින් 231,000ක ප්‍රමාණයක් සිටිනවා.
Sue Radford පසුගියදා තමන්ගේ ඡායාරූපයක් එම ගිණුමට එක් කරමින් සටහනක් තබා තිබුණේ, සති 37 ක ගැබිණි කාලය මේ වනවිට පූර්ණවී ඇති බවයි.
එම පින්තූරයට පුද්ගලයින් 14,000 ක්, ප්‍රතිචාර දක්වා තිබුණා.
නව දරුවාට නමක් තැබි සම්බන්ධයෙන් අදහස් දක්වමින්, Sue කියා සිටියේ, මෙය බ්‍රේක්සිට් තරම් අපහසු වනු ඇති බවයි.
සෙසු දරුවන් සියලු දෙනාම එකග වන නමක් ද තැබිය යුතු බවටයි ඇය කියා සිටියේ.
ඔවුන්ගේ දරුවන්ගෙන් තිදෙනෙකු හැර සෙසු දරුවන් දෙමාපියන් සමග සිටි බව ද සදහන්.
පළමු දරුවා වන ක්‍රිස්ගේ වයස අවුරුදු 30 ක් වන අතර බාල දරුවා වන Archieගේ වයස අවුරුද්දක් සහ මාස 10 ක් වන බවටයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් කියා සිටියේ.




