ඇඳිරි නීති නියෝග අකුරටම පිළිපදින ලෙසට රජයෙන් ජනතාවට දැනුම්දීමක්
Friday, 27 March 2020 - 16:04 | Views - 1,426
රට පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය අකුරටම පිළිපදින ලෙස රජය ජනතාවට, දැනුම් දෙනවා.

ඇඳිරි නීතිය පනවා ඇත්තේ ඉතා බරපතල සෞඛ්‍ය ගැටලූවක් බවට පත්ව ඇති කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කිරිම සඳහා බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඒ අනුව, පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව ඇඳිරි නීති රෙගුලාසි තදින්ම ක්‍රියා කළ යුතුව ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

එසේම, පොලිස් ඇඳිරි නීති නියෝග තරයේ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා ද සියලූම පොලිස් ස්ථානාධිපතිවරුන්ට නියෝග කර තිබෙනවා.

ඒ අනුව, කිසිදු හේතුවක් මත ජනතාවට මහා මාර්ග, අතුරු මාර්ග හෝ නිවෙස්වලින් බැහැරව රැදී සිටීමට ඉඩ නොදෙන ලෙසයි දන්වා ඇත්තේ.

මේ වනවිට රජයේ ඔසුසැල් හැර සියලූම ඖෂධහල්, සුපිරි වෙළඳසැල් හා අනෙකුත් සියලූම වෙළඳසැල් වසා දැමීමට කටයුතු කර තිබෙනවා.

මාර්ගගත ක්‍රමයට ආහාර සහ ඖෂධ නිවෙස්වලට බෙදා හැරීමට පමණක් ඉඩ ලබා දී ඇති බැවින් පොලිස් ඇඳිරි නීති නියෝග තරයේ ක්‍රියාත්මක කරන ලෙසයි වැඩබලන පොලිස්පතිවරයා නියෝග කර ඇත්තේ.

No photo description available.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top