රට පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය අකුරටම පිළිපදින ලෙස රජය ජනතාවට, දැනුම් දෙනවා.
ඇඳිරි නීතිය පනවා ඇත්තේ ඉතා බරපතල සෞඛ්‍ය ගැටලූවක් බවට පත්ව ඇති කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කිරිම සඳහා බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
ඒ අනුව, පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව ඇඳිරි නීති රෙගුලාසි තදින්ම ක්‍රියා කළ යුතුව ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
එසේම, පොලිස් ඇඳිරි නීති නියෝග තරයේ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා ද සියලූම පොලිස් ස්ථානාධිපතිවරුන්ට නියෝග කර තිබෙනවා.
ඒ අනුව, කිසිදු හේතුවක් මත ජනතාවට මහා මාර්ග, අතුරු මාර්ග හෝ නිවෙස්වලින් බැහැරව රැදී සිටීමට ඉඩ නොදෙන ලෙසයි දන්වා ඇත්තේ.
මේ වනවිට රජයේ ඔසුසැල් හැර සියලූම ඖෂධහල්, සුපිරි වෙළඳසැල් හා අනෙකුත් සියලූම වෙළඳසැල් වසා දැමීමට කටයුතු කර තිබෙනවා.
මාර්ගගත ක්‍රමයට ආහාර සහ ඖෂධ නිවෙස්වලට බෙදා හැරීමට පමණක් ඉඩ ලබා දී ඇති බැවින් පොලිස් ඇඳිරි නීති නියෝග තරයේ ක්‍රියාත්මක කරන ලෙසයි වැඩබලන පොලිස්පතිවරයා නියෝග කර ඇත්තේ.