වෙලේ සුදාට සහ මොහොමඩ් නියාස්ට මුදල් ලබාදීමට පැමිණි පුද්ගලයෙකු අත්අඩංගුවට
Friday, 27 March 2020 - 14:23 | Views - 1,771
ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා බූස්ස බන්ධනාගාරයේ රදවා සිටින සමන්ත කුමාර හෙවත් වෙළේ සුදාට සහ මොහොමඞ් නියාස් යන රැදවියන්ට රුපියල් එක්ලක්ෂ 50,000ක මුදලක් ලබාදීම සඳහා බන්ධනාගාරය අසළ රැදී සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බලපිටිය ප්රදේශයේ පදිංචි 26 හැවිරිදි මෙම පුද්ගලයා බූස්ස බන්ධනාගාරය ඉදිරිපිට සැක කටයුතු ලෙස රැදී සිටි අවස්ථාවේදී විශේෂ කාර්ය බලකාය ඔහු අත්අඩංගුවට ගෙන ප්රශ්න කරනු ලැබුවා.
ඒ අනුව ඔහු මෙම මුදල රැදවියන් දෙදෙනාට ලබාදීමට රැගෙන ආ බව ප්රකාශ කර ඇති අතර අදාළ මුදල සහ සැකකරු රත්ගම පොලිස් ස්ථානයට භාර දී තිබෙනවා.
Share This Article