උතුරේ දිස්ත්රික්ක 4කට සහ පුත්තලමට යළි ඇඳිරි නීතිය
Friday, 27 March 2020 - 14:17 | Views - 1,334
අද උදෑසන 6ට ඇඳිරි නීතිය ඉවත් කෙරුණු උතුරු පළාතේ යාපනය හැර සෙසු දිස්ත්රික්ක සඳහා සහ පුත්තලම දිස්ත්රික්කයට පස්වරු 2ට යළි ඇඳිරි නීතිය පනවනු ලැබුවා.
එය සඳුදා උදෑසන 6 දක්වා ක්රියාත්මක අතර, එදින පස්වරු 2ට මෙම ප්රදේශවලට යළි ඇඳිරි නීතිය පනවනු ඇති.
මේ අතර, අද උදෑසන ඇඳිරි නීතිය ඉවත් කළ අවස්ථාවේ වව්නියාව නගරයට පැමිණෙන හා පිටවන සියළු රථ වාහන විෂබීජහරණය කිරීමේ වැඩසටහනක් පොලීසියේ මෙහෙය වීමෙන් සිදුකෙරුණා.
ඒ, වව්නියාව - ඊරට්ටපෙරියකුලම පොලිස් මාර්ග බාධකය අසලදියි. එහිදී මාර්ග බාධකය හරහා ගමන් කළ පෞද්ගලික හා රජයේ සියළු වාහන විෂබීජහරණයට ලක් කළ බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.
Share This Article