COVID 19 නිසා ඉතාලියේ රෝහලක සේවය කළ හෙදිය සියදිවි නසාගැනීමට හේතුව
Friday, 27 March 2020 - 12:21 | Views - 2,471
ලෝකයේම අවධානය යොමුව ඇති COVID 19 හෙවත් කොරෝනා වෛරසයෙන් 24, 090ක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මේ අතරින් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඉතාලි රාජ්‍යයෙන් වන අතර එය 8215ක්.
ඉතාලියේ ආසාදිත පුද්ගලයින් 80, 000 ඉක්මවා තිබෙනවා.
ඉතාලියේ රෝහලක සේවය කළ හෙදියක කොරෝනා ආසාදනය වීම හේතුවෙන්, සියදිවි නසාගෙන ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.
34 හැවිරිදි Daniela Trezzi යන හෙදියයි, මෙලෙස දිවිහානි කරගෙන ඇත්තේ.
ඇය කොරෝනා ආසාධිත රෝගීන් ප්‍රතිකාර ගනු ලබන රෝහලක සේවය කළ ඇති අතර ඇයගේ ශරීරයේ සිදු වූ වෙනස් වීම් හේතුවෙන් කොරෝනා ආසාදනයවී ඇති බවට සැක සිතමින් අදාළ වෛද්‍ය පරීක්ෂණයක් සිදු කරගෙන ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා ප්‍රකාශ කළේ.
එම වාර්තාවට අනුව Daniela Trezzi ට කොවිඩ් 19 ආසාදනයවී ඇති බවට තහවුරු කරගෙන තිබුණා.
තමන්ගෙන් අන් අයටත් එය ආසාදනය වනු ඇති බවට බියෙන් ඇය සියදිවි නසාගෙන ඇති බවයි, එරට හෙදියන්ගේ සංගමයේ ප්‍රකාශකයෙකු විදේශ මාධ්‍ය වෙත කියා ඇත්තේ.
Share This Article