ඇඳිරි නිතිය ඉවත් කළ සැණින්, අනියම් පෙම් සුව විඳින්න ගිය පුද්ගලයෙකුට අත් වූ, අවාසනාවන්ත ඉරණම
Friday, 27 March 2020 - 10:57 | Views - 2,102
ඇල්පිටිය ප්‍රදේශයේ ලැගුම්හලක කාමරයක් තුලදි ඊයේ (26) දා උදෑසන පුද්ගලයෙකු මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කළා. මෙසේ මියගොස් ඇත්තේ ගනේගොඩ ප්‍රදේශයේ පදිංචී 46 හැවිරිදි තිදරු පියෙක්.
 
ඊයේ දින ඇල්පිටිය ප්‍රදේශයේ ඇඳිරි නිතිය ඉවත් කිරිමෙන් පසු ඔහු එම ප්‍රදේශයේම වෙනත් කාන්තාවක සමග මෙම ලැගුම්හලට පැමිණ කාමරයක සිටියදි අසනිපවී තිබෙනවා.

එහිදි අදාල කාන්තාව විසින් සුවසැරිය ගිලන් රථය ගෙන්වා ඇතිමුත් ඒ අවස්ථාව වනවිට ඔහු මියගොස් සිට ඇති බවයි වාර්තා වන්නේ.
 
පසුව පොලිසිය එම ස්ථානයට යනවිට ඇය එම ස්ථානයෙන් පලාගොස් නැවත පොලිසියට පැමිණ බාරවී තිබෙනවා.
 
අදාල පුද්ගලයා සමග ඇය වසරකට ආසන්න කාලයක් මෙම අනියම් සම්බන්දතාවය පවත්වාගෙන ගොස් ඇති බවත් මුලික පොලිස් පරික්‍ෂණවලදි අනාවරණය වී තිබෙනවා.
 
මියගිය අයගේ දේහය ඇල්පිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්දයෙන් ඇල්පිටිය පොලිසිය වැඩිදුර පරික්‍ෂණ සිදුකරනවා.
 
වැලිවිටිය දිවිතුර උපුල් මහේෂ්
මව්බිම
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top