ඇඳිරි නිතිය ඉවත් කළ සැණින්, අනියම් පෙම් සුව විඳින්න ගිය පුද්ගලයෙකුට අත් වූ, අවාසනාවන්ත ඉරණම
Friday, 27 March 2020 - 10:57 | Views - 2,103
ඇල්පිටිය ප්රදේශයේ ලැගුම්හලක කාමරයක් තුලදි ඊයේ (26) දා උදෑසන පුද්ගලයෙකු මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කළා. මෙසේ මියගොස් ඇත්තේ ගනේගොඩ ප්රදේශයේ පදිංචී 46 හැවිරිදි තිදරු පියෙක්.
ඊයේ දින ඇල්පිටිය ප්රදේශයේ ඇඳිරි නිතිය ඉවත් කිරිමෙන් පසු ඔහු එම ප්රදේශයේම වෙනත් කාන්තාවක සමග මෙම ලැගුම්හලට පැමිණ කාමරයක සිටියදි අසනිපවී තිබෙනවා.
එහිදි අදාල කාන්තාව විසින් සුවසැරිය ගිලන් රථය ගෙන්වා ඇතිමුත් ඒ අවස්ථාව වනවිට ඔහු මියගොස් සිට ඇති බවයි වාර්තා වන්නේ.
පසුව පොලිසිය එම ස්ථානයට යනවිට ඇය එම ස්ථානයෙන් පලාගොස් නැවත පොලිසියට පැමිණ බාරවී තිබෙනවා.
අදාල පුද්ගලයා සමග ඇය වසරකට ආසන්න කාලයක් මෙම අනියම් සම්බන්දතාවය පවත්වාගෙන ගොස් ඇති බවත් මුලික පොලිස් පරික්ෂණවලදි අනාවරණය වී තිබෙනවා.
මියගිය අයගේ දේහය ඇල්පිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්දයෙන් ඇල්පිටිය පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරනවා.
වැලිවිටිය දිවිතුර උපුල් මහේෂ්
මව්බිම
Share This Article