කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 4 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත
Thursday, 26 March 2020 - 16:07 | Views - 1,468
කොරෝනා වෛරසය ආසාදනය වී අංගොඩ අයි.ඩී.එච්.රෝහලේ ප්රතිකාර ලබමින් සිටි තවත් 4 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.
එම රෝහලේ ප්රකාශකයෙකු සඳහන් කළේ ඔවුන් 4 දෙනාම පිරිමි පුද්ගලයින් බවයි.
ඊයේ දිනයේදී ද 24 හැවිරිදි තරුණියක් සුවය ලබා රෝහලෙන් පිටව ගියා.
ඒ අනුව චීන ජාතික කාන්තාව ද ඇතුළුව පුද්ගලයින් 7 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.
Share This Article