ඇඳිරි නීතිය රැකීමට විශේෂ මාර්ග බාධක 600ක් - වැඩි මිලට අන්තර්ජාලයෙන් බඩු විකිණූ ආයතනයකට වැඩ වරදී
Wednesday, 25 March 2020 - 19:38 | Views - 620
ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලසීමාව තුළදී සියලුම ඖෂධ සැල් විවෘතව තැබීමට රජය ගත් තීරණයත් සමඟ අද දිවයින පුරා බොහෝ ඖෂධසැල් විවෘතව තැබුණා.

ඖෂධසැල්වලට පැමිණි ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිත කරමින් ඖෂධ මිලදී ගැනීම සඳහා පෝලිම්වල සිටිනු දක්නට ලැබුණු බවයි ප්‍රදේශ කිහිපයක අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ඇතැම් ප්‍රදේශවල ජංගම ඖෂධ අලෙවිසැල් මගින් බෙදාහැරීමේ වැඩසටහන්ද ක්‍රියාත්මක වුණා.

කෙසේ වෙතත් ඖෂධ සැල් විවෘතව නොතිබීමෙන් පාරිභෝගිකයන් අපහසුතාවට පත්වූ ආකාරයක්ද දක්නට ලැබුණා.

මේ අතර ඇතැම් ප්‍රදේශවල පාරිභෝගිකයන් ඖෂධසැල් වෙතින් නිකුත් කරන බිල්පත උපයෝගී කරගෙන වෙනත් කාර්යයන් සඳහාද යොමුවී ඇති බව අද දිනයේ ප්‍රදේශ කිහිපයකින් වාර්තාවුණා.

අප මේ පිළිබඳව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චිගෙන් කළ විමසීමේදී ඇය සඳහන් කළේ එම තත්වය වැළැක්වීමට කඩිනම් පියවර ගැනෙනු ඇති බවයි.

ඇඳිරි නීතිය පනවා ඇති අවස්ථාවලදී වුවද අද අලුයම හතරේ සිට දහවල් දෙක දක්වා කොළඹ මැනිං වෙළඳපොලද විවෘතව තැබුණා.

ඒ, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන වෙළඳුන්ට අවශ්‍ය එළවළු තොග හිඟයකින් තොරව ලබාගැනීමේ පහසුව සඳහායි.

මේ අතර කොළඹ මැනිං වෙළඳපොලේ කටයුතු සිදුවන ආකාරය පිළිබඳව නිරීක්ෂණය කිරීම සඳහා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද අලුයම එම ස්ථානයට පැමිණියා.

ප්‍රාදේශීය සභා සහ සතොස ආයතනයේ මැදිහත්වීමෙන් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස්වලටම ගොස් බෙදාහැරීමේ කටයුතුද මේ වනවිට බොහෝ ප්‍රදේශවල සිදුවෙමින් පවතිනවා.

එහිදි සිදුවන්නේ නියමිත මිල සඳහන් අත්‍යාවශ්‍ය ආහාර මල්ලක් ජනතාවට බෙදාදීමයි.

එමෙන්ම සමූපකාර දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කළ අපි එනතුරු ගෙදර ඉන්න - වියලි සලාක ගෙයින් ගෙට ගොස් අලෙවි කිරීමේ වැඩසටහනද අද බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක වුණා.

මේ අතර අන්තර්ජාලය හරහා ඔන්ලයින් ක්‍රමය ඔස්සේ ඇණවුම් කිරීමෙන් පසුව නිවසටම ගොස් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහරින ප්‍රසිද්ධ වෙළඳ ආයතනයක් වැඩි මිලට ආහාර ද්‍රව්‍ය බෙදාහරින බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු හුවමාරු වුණා.

ඒ පිළිබඳව පොලීසිය සහ පාරිභෝගික අධිකාරිය පරීක්ෂා කිරීමෙන් අනතුරුව නීතිමය පියවර ගෙන තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top