කොරෝනා වැළඳී IDH රෝහලේ ප්‍රතිකාර ලබා සුවවූ දෙවන ශ්‍රී ලාංකිකයාත් පිටව යයි
Wednesday, 25 March 2020 - 19:36 | Views - 968
මෙරට තුළ කොවිඩ් - 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව තවදුරටත් 102ක් ලෙස සටහන් වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලැබූ දෙවන ශ්‍රී ලාංකිකයාද අද සම්පූර්ණයෙන් සුවය ලබා පිටව ගියා. ඇය කොළඹ පදිංචි 24 හැවිරිදි තරුණියක්.

මෙම තරුණිය පසුගියදා එංගලන්තයේ සිට මෙරටට පැමිණ ඇති අතර, උණ තත්ත්වයක් හේතුවෙනුයි ප්‍රතිකාර සඳහා රෝහල් ගතවී ඇත්තේ.

මෙරටින් වාර්තාවූ ප්‍රථම කොරෝනා වෛරසය ආසාදිත සංචාරක මගපෙන්වන්නෙකු වූ මත්තේගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයාද සම්පූර්ණයෙන්ම සුවය ලබා අයි.ඩී.එච්. රෝහලෙන් පෙරේදා පිටව ගියා.

බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සඳහන් කළේ තවත් ආසාදිතයන් කිහිප දෙනෙකු ඉදිරි දිනවලදී නිවෙස් වෙත පිටත් කර යැවීමට සුදුසු තත්වයේ සිටින බවයි.

දැනට මෙරටින් වාර්තා වී ඇති කොරෝනා රෝගීන් සංඛ්‍යාව 102ක් වන අතර, චීන කාන්තාව ද ඇතුළු 3 දෙනෙකු පූර්ණ සුවය ලබා අයි.ඩී.එච්. රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

කෙසේ වෙතත්, වෛද්‍ය අධීක්ෂණය යටතේ කොරෝනා වැළඳී ඇති බවට සැක කරන පුද්ගලයින් 255 දෙනෙකු රෝහල් 24ක රඳවා සිටින බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

සෞඛ්‍ය අමාත්‍යාංශ දත්තවලට අනුව කොරෝනා වෛරසය ආසාදිතයන් වැඩි ප්‍රමාණයක් වාර්තාවන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර, එම සංඛ්‍යාව 22ක්.

මේ අතර කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයට අයත් වේරහැර පිහිටි රෝහලෙහි පරිපාලක නිලධාරිවරයෙකු වන යුද හමුදා කර්නල්වරයෙකු සහ ඔහුගේ පුත්‍රයාට ද වෛරසය වැළදී ඇති බව තහවුරු වුණා.

ඔවුන්ට දැනට අයි.ඩී.එච් රෝහලේ රඳවා සිටින බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ. එමෙන්ම කළුතර - උතුර විලේගොඩ ප්‍රදේශයේ නිවසක පදිංචි කාන්තාවක් කොරෝනා වෛරසය ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති අතර, මේ වනවිට ඇගේ සැමියා සහ දරුවා කළුතර නාගොඩ රෝහලේ නිරෝධායනයට ලක් කර තිබෙනවා.

ඇයගේ නිවසේ පසුගියදා පැවති දානමය පිංකමකට 200 කට ආසන්න පිරිසක් සහභාගිවී ඇති බවයි වාර්තාවන්නේ.

එසේම සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින්ට අමතරව තවත් පුද්ගලයින් 1,500 ක් ගැන පසු විපරමින් සිටින බවයි.

මේ අතර කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකළ පෞද්ගලික විශ්වවිද්‍යාලයක පරිපාලන නිලධාරියෙකු රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top