බස්නාහිර, උතුර පළාත සහ පුත්තලම හැර සෙසු ප්‍රදේශවලට හෙට පැය හයක් ඇඳිරි නීතිය අත්හිටුවයි
Wednesday, 25 March 2020 - 19:26 | Views - 2,076
බස්නාහිර, උතුර පළාත සහ පුත්තලම දිස්ත්‍රික්කය හැර සෙසු දිස්ත්‍රික්කවලට හෙට උදෑසන 6ට ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කෙරෙනවා.

එම ප්‍රදේශවලට යළි පස්වරු 12 ට ඇඳිරි නීතිය පැනවීමට නියමිතයි.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ ඇඳිරි නීතිය පැනවීමත් සමඟ ඊයේ දිනයේ සිට දිවයින පුරා ආවරණය වන පරිදි පොලිස් මාර්ග බාධක 600ක් යෙදවීමට තීරණය කර ඇති බවයි.

ඇඳිරි නීතිය පනවා ඇති කාලය තුළ ජනතාවට ඇතිවන සමාජයීය ගැටළු විසඳාලීමට පොලිස් මූලස්ථානය දුරකථන අංක 3 ක් ද හඳුන්වාදී තිබෙනවා.

ඒ අනුව ඇඳිරි නීති කාලය තුළ ජනතාවට සිදුවන රෝගී තත්ත්වයන්, විදුලිය බිඳ වැටීම්, ජල සැපයුම බිඳ වැටීම්, ඖෂධ අවශ්‍යතා සහ සහය ලබාගත යුතු වෙනත් සමාජ අවශ්‍යතා සම්බන්ධයෙන් ඇමතුම් ලබාදෙන ලෙසටයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

119, 0112 44 44 80 සහ 0112 44 44 81 යන දුරකථන අංකවලට මේ සම්බන්ධයෙන් දැනුම්දිය හැකි බව පොලීසිය සඳහන් කළා.

මේ අතර කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා දිවයින පුරා ඇඳිරි නීතිය පැනවීමෙන් පසු එය උල්ලංඝනය කළ පුද්ගලයින් 2,797 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීට අමතරව වාහන 729 ක්ද අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ.

මේ අතර ඇඳිරි නීතිය පැනවීමත් සමඟ දානය නොමැති සහ අග හිඟකම් පවතින විහාරස්ථාන ඇත්නම් ඒ සම්බන්ධයෙන් දැනුම් දෙන ලෙස සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලය ඉල්ලීමක් කරනවා.

එවැනි විහාරස්ථාන සම්බන්ධයෙන් තොරතුරු ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩල ලේඛකාධිකාරි ස්වාමින් වහන්සේලා මගින් දැනුම්දීමට කටයුතු කරන ලෙසයි එහි ප්‍රධාන ලේඛකාධිකාරි පූජ්‍ය ගෝනදූවේ ගුණානන්ද හිමියන් සඳහන් කළේ.

ඒ අනුව, 071 442 2006, 038 22 32 868, 071 439 4440 සහ 037 22 67 225 යන දුරකථන අංක ඔස්සේ එම තොරතුරු දැනුම්දිය හැකියි.
Image may contain: text
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top