ඇඳිරි නීතිය කඩකළ 2,797ක් අත්අඩංගුවට
Wednesday, 25 March 2020 - 17:44 | Views - 690
කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය පැනවීමෙන් පසු එය උල්ලංඝනය කළ පුද්ගලයින් 2,797 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මීට අමතරව වාහන 729 ක්ද අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ.
එසේම අද පෙරවරු හයේ සිට මධ්‍යහ්න 12 දක්වා පැය හයක කාලය තුළ පමණක් පුද්ගලයන් 115 දෙනෙකු සහ වාහන 23ක් අත්අඩංගුවට ගත් බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
Share This Article