චාල්ස් කුමරුටත් කොරෝනා
Wednesday, 25 March 2020 - 17:10 | Views - 997
බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරුට කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
කෙසේ වෙතත්, 71 හැවිරිදි ඔහු බරපතල තත්ත්වයක නොසිටින බවයි බී.බී.සී. පුවත් සේවය වාර්තා කළේ.
මේ අතර මැලේසියාව එරට ජනතාවට පනවා තිබූ නිවාසවල රැඳී සිටීම අනිවාර්ය කිරීමේ කාලසීමාව ලබන අප්‍රේල් 14 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.
එරට රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් මැලේසියානු අග්‍රාමාත්‍ය මුහයිඩ්ඩීන් යාසීම් ප්‍රකාශ කර ඇත්තේ කොරෝනා ආසාදිතයන් තවදුරටත් වාර්තාවීම හේතුවෙන් මෙම තීරණයට එළඹි බවයි.
Share This Article