ඉන්දියාවේ වෙසෙන ශ්රී ලාංකිකයින් සම්බන්ධයෙන් තොරතුරු විමසීමට දුරකථන අංකයක්
Wednesday, 25 March 2020 - 14:19 | Views - 805
දින 21ක කාලයක් සඳහා ඉන්දියාව වසා දැමීමත් සමඟ එරට වාසය කරන ශ්රී ලාංකිකයින් සම්බන්ධයෙන් තොරතුරු දැනුම්දීම සඳහා නවදිල්ලියේ පිහිටි ශ්රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විශේෂ දුරකථන අංකයක් හඳුන්වාදී තිබෙනවා.
00 91 96 500 29 754 යන එම අංකය ඔස්සේ පවතින ගැටලු ඉදිරිපත් කළ හැකි බවයි එහි උසස් නිලධාරියෙකු හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ.
එමෙන්ම, නැවත දැනුම්දෙන තුරු කන්සියුලර් සේවාවන් ද සීමා කර ඇති බව නවදිල්ලියේ ශ්රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ප්රකාශ කළා.
Share This Article