දින 21ක කාලයක් සඳහා වසා දැමුණු ඉන්දියාවේ භාණ්ඩ පෝලිම්
Wednesday, 25 March 2020 - 12:59 | Views - 1,545
දින 21ක කාලයක් සඳහා වසා දැමුණු ඉන්දියාවේ භාණ්ඩ මිලදී ගැනීම් සඳහා ප්‍රාන්ත රැසක දිගු පෝලිම් දක්නට ලැබෙන බව විදෙස් වාර්තා සඳහන් කළා.

කොරෝනා වෛරසය පැතිර යාමත් සමඟ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජාතිය අමතමින් කියා සිටියේ ඉන්දියාව ඊයේ රාත්‍රියේ සිට වසා දමන බවයි.

මෙම දින 21 තුල කොරෝනා වෛරසය පාලනය කිරීමට අපොහොසත් වුවහොත් ඉන්දියාව වසර 21කින් ආපස්සට ගමන් කරන බවද ඔහු එහිදී කියා සිටියා.

කොරෝනා වෛසරය වැලදීමෙන් ඉන්දියාවේ මරණ 10ක් වාර්තා වන අතර ආසාදිතයන් සංඛ්‍යාව 519ක්.

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමඟ නවසිලන්තය තුල අද සිට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට එරට ජාතික හදිසි කළමණාකරණ ඒජන්සිය කටයුතු කළා.

නවසිලන්තය තුල මේ වනවිට කොරෝනා ආසාදිතයන් 205 දෙනෙකු හඳුනාගෙන ඇති අතර වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා පොදු ප්‍රවාහන සේවා තාවකාලිකව අත්හිටුවීමට සහ පාසල් වසා දැමීමට ද මීට පෙර රජය පියවර ගනු ලැබුවා.

මේ අතර කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ වේගය සැලකිල්ලට ගෙන එහි තුන්වන කේන්ද්‍රස්ථානය බවට ඇමරිකාව පත්වනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවනවා.

ඔවුන්ගේ දෛනික මාධ්‍ය හමුවට එක්වෙමින් එහි ප්‍රකාශිකා මාග්‍රට් හැරිස් කියා සිටියේ යුරෝපයේ සහ ඇමරිකාවෙන් වාර්තාවන සියයට 85ක් වූ නව කොරෝනා රෝගීන්ගේ ප්‍රතිශතයෙන් සියයට 40ක් ඇමරිකානුවන් බවයි.

එමෙන්ම නිව්යෝක් නුවර ආණ්ඩුකාර ඇන්ඩෲ කිව්මෝ සඳහන් කළේ නිව්යෝක් නගරය පුරා අධිවේගී දුම්රියක් මෙන් කොරෝනා වෛරසය පැතිරෙමින් පවතින බවයි. නිව්යෝක් නුවරින් පමණක් කොරෝනා මරණ 210ක් සහ ආසාදිතයන් 25,000ක් වාර්තා වනවා.

මේ වනවිට නිව්යෝක් නගරයේ ඖෂධ මෙන්ම වෛද්‍ය උපකරණ හිඟයක් ද පවතින බවයි ඔහු කියා සිටියේ. ඇමරිකාවෙන් නව කොරෝනා වෛරසය වැලදුණු රෝගීන් 54,881ක් වාර්තා වන අතර මරණ 782 දක්වා ඉහල ගොස් තිබෙනවා.

නව කොරෝනා වෛරසය වසංගතය ලොව පුරා පැතිර යාමත් සමඟ ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා ජී 20 රටවල වීඩියේ සංවාදයක් හෙට පැවැත්වෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ සෞදි රජු සල්මාන් බින් අබ්දුල්ලාසීස් අල් සෞදි සමඟ පවත්වනු ලැබූ දුරකතන සාකච්ජාවට අනුව මෙම වීඩියේ සංවාදය පැවැත්වෙනු ඇති.

කොරෝනා වසංගතය සහ එහි මානව හා ආර්ථික බලපෑම් සම්බන්ධයෙන් ගෝලීය ප්‍රතිචාරයක් දැක්වීමයි මෙම සංවාදයේ අරමුණ වන්නේ. ජී 20 සාමාජිකයින්ගේ නායකයින්ට අමතරව ස්පාඤ්ඤ, පෝර්දානය, සිංගප්පූරුව සහ ස්විස්ටර්ලන්තය ඇතුළු ආරාධිත රටවල නායකයින් කිහිප දෙනෙකු හා එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක සෞඛ්‍ය සංවිධානය, ලෝක වෙළඳ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධානවල සාමාජිකයින් ද මේ සඳහා එක්වීමට නියමිතයි.

මේ අතර ලොව පුරා රටවල් 190 කට වැඩි සංඛ්‍යාවකින් ව්‍යාප්ත වී ඇති කොරෝනා වෛරසය හේතුවෙන් මේ වනවිට මරණ 18,919ක් වාර්තා වන අතර ආසාදිතයන් සංඛ්‍යාව හාර ලක්ෂ 23,121 දක්වා ඉහල ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top