ඇඳිරි නීතිය පවතින දිනවලදීත් මැණිං වෙළදපොල විවෘත වෙයි
Wednesday, 25 March 2020 - 11:23 | Views - 1,173
කොළඹ - මැණිං වෙළද සංකීර්ණය ඇදිරි නීතිය පනවා ඇති අවස්ථාවන්වලදී වුව ද අලූයම 4 සිට දහවල් 2 දක්වා විවෘතව තැබීමට එහි වෙළද සංගමය තීරණය කර තිබෙනවා.
ඒ අනුව අද දිනයේදී ලොරි 15 කින් පමණ වෙළදුන් එළවළු තොග වෙළදපොල වෙත රැගෙන ආ බවයි මැණිං වෙළද සංගමයේ උප සභාපති නිමල් අත්තනායක සදහන් කළේ.
මේ අතර, කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සදහා දිවයින පුරා පොලිස් ඇදිරි නීතිය පැනවීමෙන් පසු එය උල්ලංඝනය කළ පුද්ගලයින් 2682 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව, අද උදෑසන 6 න් අවසන් වූ පැය 24 ක කාලසීමාව තුළ පුද්ගලයින් 420 දෙනෙකු ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර, රථ වාහන 97 ක් ද අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.
Share This Article