ඇඳිරි නීතිය තවදුරටත්
Wednesday, 25 March 2020 - 8:35 | Views - 3,697
දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා ඇති ඇඳිරි නීතිය මේ වනවිටත් ක්‍රියාත්මකයි.

නව කොරෝනා ව්‍යාප්තිය සැළකීමේදී කොළඹ, ගම්පහ, කළුතර යන දිස්ත්‍රිික්ක ඉතා අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති බැවින් එම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු අඛණ්ඩව ක්‍රියාත්මක බවයි රජය ඊයේ ප්‍රකාශ කළේ.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ එම දිස්ත්‍රික්ක තුනේ ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය ඊයේ පැය අටකට ලිහිල් කළ අවස්ථාවේ භාණ්ඩ මිලදි ගැනීම සඳහා ජනතාව වෙළඳසැල් අසළ විශාල ලෙස රැස්වී සිටීම කොරෝනා වෛරසය පාලනය බරපතල බාධාවක් බව සෞඛ්‍ය බලධාරීන් නිරීක්ෂණය කළ බවයි.

එබැවින් ඉදිරි කාලය තුළ අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ නිවාසවලටම ගෙන ගොස් අලෙවි කරන ලෙස තොග වෙළඳ සහ සුපිරි වෙළඳසැල්වලට මෙන්ම මහා පරිමාණ සහල් සැපයුම්කරුවන්ට රජය උපදෙස් දී තිබුණා.

අත්‍යාවශ්‍ය පරිභෝගික ද්‍රව්‍ය නිවෙස්වලටම ගොස් අලෙවි කිරීමේ වැඩපිළිවෙල කාර්යක්ෂමව ඉටු කිරීම සඳහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කාර්යසාධක බලකායක් ස්ථාපනය කර ඇති අතර, අමාත්‍යාංශ ලේකම්වරුන්, දිසාපතිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ අදාළ වෙනත් නිලධාරීන් එම බලකායේ සෙසු සාමාජිකයන් බවද සඳහන්.

ඒ අනුව ආහාර ද්‍රව්‍ය ඇතුලූ අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ, ඖෂධ, ගෑස් හා සෙසු සේවා බාධාවකින් තොරව අඛණ්ඩව ජනතාවට ලබාදීමේ සැළැස්ම අද සිට ක්‍රියාත්මක බවයි ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දුන්නේ.

ලොරි, වෑන්, ත්‍රිරෝද රථ, යතුරුපැදි ඇතුලූ භාණ්ඩ බෙදාහැරීමට උපයෝගි කරගන්නා සියලූ වාහනවලට ඇඳිරි නිති කාලය තුළදී මාර්ගවල ගමන් කිරීමට අවසර හිමිවනවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top