නීතිය කැඩූ 3500 ක් අත්අඩංගුවේ - අත්‍යාවශ්‍ය සේවාවලට බාධා නම් අමතන්න
Wednesday, 25 March 2020 - 8:28 | Views - 919
ඇදිරි නීතිය පවතින කාලය තුළ එය උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගේ සංඛ්‍යාව 3500 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ තේ දළු, පොහොර සහ අත්‍යාවශ්‍ය සේවාවල නිරතවන පිරිස් සඳහා ඇඳිරි නීතිය බල නොපාන බවයි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ අත්‍යාවශ්‍ය සේවාවල යෙදෙන්නන්ට පොලීසියෙන් බාධා එල්ලවන්නේ නම් 1 1 9 හදිසි ඇමතුම් අංකයට හෝ 011 2 44 44 80 සහ 011 2 44 44 81 දුරකථන අංක අමතා ඒ පිළිබඳ දැනුම්දිය හැකි බවයි.
Share This Article