කොරෝනාවෙන් වැළකෙන්න සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් උපදෙස් මාලාවක්
Wednesday, 25 March 2020 - 8:23 | Views - 1,425
ලොව පුරා සීඝ්රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින කොවිඞ් 19 හෙවත් කොරෝනා වෛරසයෙන් කුඩා දරුවන් ආරක්ෂා කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබාදෙන උපදෙස් අනුව කටයුතු කරන්නැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඉල්ලීමක් කරනවා.
එමෙන්ම, ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානවල, මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවල සහ ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිටින දරුවන් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය සියලූ පියවර ගන්නා ලෙසයි එම අධිකාරිය දැනුම් දුන්නේ.
එමෙන්ම, නිසි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීමෙන් කොරෝනා වෛරසයෙන් දරුවන් රැක ගත හැකි බවයි අනුරාධපුර ශික්ෂණ රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය උදය ද සිල්වා කියා සිටියේ.
Share This Article