කොරෝනා ව්‍යාප්තවීම වැළැක්වීමේ වැඩපිළිවෙලට සියලුම පක්ෂ නායකයින්ගේ සහය ලබාගැනීමට පියවර
Tuesday, 24 March 2020 - 18:03 | Views - 1,229
රජයේ උපදෙස් පරිදි කොරෝනා මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් මේ වනවිට ක්‍රියාත්මක කොරෝනා ව්‍යාප්තවීම වැළැක්වීමේ වැඩපිළිවෙලට පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ පක්ෂ නායකයින් හා නියෝජිතයින්ගේ සහය ලබාගැනීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර තිබෙනවා.
ඒ, පක්ෂ නායකයන් සහ නියෝජිතයන්ගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ අද පැවති හමුවේදියි.
Share This Article