ගුවන් හමුදාව ගුවනේ සිට විෂබීජ නාශක ඉසින බවට සාවද්‍ය ප්‍රචාරයක්
Tuesday, 24 March 2020 - 15:19 | Views - 3,979
කෙරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා මගින් ගුවනේ සිට විෂබීජ නාශක විසුරුවන බවට පළ වී ඇති වාර්තාවල සත්‍යතාවක් නොමැති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
අද රාත්‍රී 11.30ට එලෙස විෂබීජ නාශක ඉසීමක් සිදුකරන බවට සාවද්‍ය ප්‍රචාරයක් සමාජ මාධ්‍යවල සංසරණය වන අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදාව එවැනි කිසිදු මෙහෙයුමක් සිදුනොකරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
Share This Article