කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්කවලට සහ උතුරු පළාතට පස්වරු 2ට යළි ඇඳිරි නීතිය
Tuesday, 24 March 2020 - 13:32 | Views - 551
කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්කවලට සහ උතුරු පළාතට පස්වරු 2ට යළි ඇඳිරි නීතිය පැනවේ
කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවලට මෙන්ම උතුරු පළාතට අද පස්වරු දෙකට යළි ඇඳිරි නීතිය පැනවීමට නියමිතයි.
එය ලබන සිකුරාදා පෙරවරු 6තෙක් බල පැවැත්වෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. එදිනම මධ්‍යහ්න 12ට යළි එම ප්‍රදේශවලට ඇඳිරි නීතිය පැනවෙනු ඇති.
කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවලට මෙන්ම උතුරු පළාතට අද මධ්‍යහ්න 12 සිට යළි ඇඳිරි නීතිය පැනවීමටයි රජය මීට පෙර තීරණය කර තිබුණේ.
එහෙත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට ජනතාවට කාලය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඇඳිරි නීතිය පැනවීම මෙලෙස පස්වරු 2 දක්වා තවත් පැය දෙකකින් දීර්ඝ කරනු ලැබුවා.
සෙසු දිස්ත්‍රික්කවල ඊයේ පස්වරු 2 සිට ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අනිද්දා පෙරවරු 6ට ඉවත් කෙරෙන අතර, එදිනම මධ්‍යහන 12ට නැවත පනවනු ලබනවා.
Share This Article