කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්කවලට සහ උතුරු පළාතට පස්වරු 2ට යළි ඇඳිරි නීතිය
Tuesday, 24 March 2020 - 13:32 | Views - 552
කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්කවලට සහ උතුරු පළාතට පස්වරු 2ට යළි ඇඳිරි නීතිය පැනවේ

කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවලට මෙන්ම උතුරු පළාතට අද පස්වරු දෙකට යළි ඇඳිරි නීතිය පැනවීමට නියමිතයි.

එය ලබන සිකුරාදා පෙරවරු 6තෙක් බල පැවැත්වෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. එදිනම මධ්‍යහ්න 12ට යළි එම ප්‍රදේශවලට ඇඳිරි නීතිය පැනවෙනු ඇති.

කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවලට මෙන්ම උතුරු පළාතට අද මධ්‍යහ්න 12 සිට යළි ඇඳිරි නීතිය පැනවීමටයි රජය මීට පෙර තීරණය කර තිබුණේ.

එහෙත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට ජනතාවට කාලය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඇඳිරි නීතිය පැනවීම මෙලෙස පස්වරු 2 දක්වා තවත් පැය දෙකකින් දීර්ඝ කරනු ලැබුවා.

සෙසු දිස්ත්‍රික්කවල ඊයේ පස්වරු 2 සිට ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අනිද්දා පෙරවරු 6ට ඉවත් කෙරෙන අතර, එදිනම මධ්‍යහන 12ට නැවත පනවනු ලබනවා.  
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top