පක්ෂ නායක රැස්වීම ඇරඹේ - කරු, මෛත්‍රී, රනිල්, සජිත්, සුමන්දරන් ඇතුළු පිරිසක් අරලියගහ මැදුරට
Tuesday, 24 March 2020 - 12:46 | Views - 1,199

වර්තමානයේ රට තුළ උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳ පක්ෂ නායක රැස්වීමක් මේ වන විට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවැත්වෙනවා.
පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ සියළු පක්ෂ නායකයින් මෙම රැස්වීමට එක්ව සිටින බවයි වාර්තා වන්නේ.
මෙහිදී කොවිඞ් නයින්ටීන් වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා රජය මගින් ගෙන ඇති පියවර පිළිබදව පක්ෂ නායකයන් දැනුවත් කෙරෙන බව සඳහන්.
මෙම රැස්වීමට පැමිණි පක්ෂ නායකයන්ට ද කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා ක්‍රියාත්මක වන සෞඛ්යාරක්ෂක විධි විධාන පිළිපැදීමට සිදුවීම විශේෂත්වයක්.
ඒ අනුව ඔවුන් සියළු දෙනා මුහුණු ආවරණ පැළඳ සිටි අතර, දෑත් විෂබීජ නාශකවලින සෝදා දුරස්ථව අසුන් ගන්වා සිටි බවයි වාර්තා වන්නේ.
සාකච්ඡාව පැවැත්වෙන ශාලාව වෙතට ඔවුන් ඇතුළු කර ඇත්තේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි.
අදාළ රැස්වීම පෙරවරු 10ට පමණ අරලියගහ මන්දිරයේ රැස්වීම් ශාලාවේදී ආරම්භ වූ අතර, මේ ඊට පෙර හිරු ප්රවෘත්ති අංශයට අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ.
ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් ඊට එක්ව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, සාකච්ඡාව ආරම්භවීමට පෙර මෙලෙස අදහස් පළ කළා.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, හිටපු කථානායක කරු ජයසූරිය, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම්, දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් එම්.ඒ. සුමන්දිරන්, ඊ.පී.ඞී.පී පක්ෂය නියෝජනය කරමින් එහි නායක අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මෙන්ම සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඞ් බදියුදීන් ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටිනවා.
මීට අමතරව දමිල ප්රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන්, මහජන එක්සත් පෙරමුණේ නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු නියෝජිතයින් 20කට අධික පිරිසක් මෙම රැස්වීමට එක්ව සිටින බව ද සදහන්.
Share This Article