දස දහස් ගණනකගේ ජීවිත අහිමි කළ Covid 19, ලොව පුරා මිලියන ගණනකට රැකියා ද අහිමි කරයි
Tuesday, 24 March 2020 - 11:31 | Views - 1,347
ලොව පුරා ජීවිත 16, 572ක් උදුරාගත් Covid 19 හෙවත් මාරාන්තික කොරෝනා වෛරසය මේ වන විට ලොව පුරා මිලියන ගණනක කම්කරුවන්ට රැකියා අහිමි කර ඇත්තේ දැවැන්ත ආර්ථික හා සමාජ අර්බුදයක් නිර්මාණය කරමිනුයි.

මහජන සෞඛ්‍යයට ඇති තර්ජනයට අමතරව, ආර්ථික හා සමාජීය තත්ත්වයන් අඩපණ වීම තුළ මිලියන ගණනකගේ පැවැත්ම "කොරෝනා" විසින් උදුරා ගනිමින් සිටිනවා.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා වලට අනුව, මෙම අර්බුදයට පිළියම් යොදන්නේ නැතිනම්, කොරෝනා ලොව පුරා මිලියන 25කගේ රැකියා අවස්ථා අහිමි කරනු ඇති. එය විශාල ගෝලීය ආර්ථික අර්බුදයක් බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

චීනයේ ආර්ථිකයේ සැලකිය යුතු කොටසක් වසා දැමීම සහ ගෝලීය සැපයුම් දාමය කඩාකප්පල් වීමත් සමඟ ආරම්භ වූ ආර්ථික හා සමාජ අර්බුදය දැන් අවන්හල්, සිල්ලර වෙළෙන්දන්, ගුවන් සමාගම්, රජයේ පාසල් සහ කර්මාන්තශාලා මෙහෙයුම් වසා දැමීම නිසා ලොව පුරා මෙම අර්බුදය පැතිර යමින් තිබෙනවා.

ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) ප්‍රකාශ කර ඇත්තේ, වෛරසයේ බලපෑම, මිලියන ගණනක් දරිද්‍රතාවයට තල්ලු කර හරින බවයි.

ජනතාව සහ භාණ්ඩ ගමන් කිරීම සීමා වන වටපිටාවක එසේ සිදුවීමේ ඉඩ කඩ වැඩි බව සඳහන්.

දැනටමත් ලොව පුරා නිෂ්පාදන සමාගම් වලින්, හෝටල්, ගුවන් සහ සේවා සමාගම් වලින් සේවකයින් ඉවත් කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top