නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක්වූ පළමු කණ්ඩායම අද මුදා හැරේ
Tuesday, 24 March 2020 - 7:30 | Views - 1,964
මෙරට නව කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වූ තවත් රෝගීන් 10 දෙනෙකු ඊයේ හඳුනා ගැනුණා.

ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදනය වූ මුළු රෝගීන්ගේ සංඛ්‍යාව 96 දක්වා ඉහළ යනු ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

මේ අතර, ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාවෙන් මෙරටට පැමිණ දින 14ක කාලයක්  නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක්වූ පළමු කණ්ඩායම අද මුදා හැරෙනවා.

ඊට පුද්ගලයින් 350 දෙනෙකු ඇතුළත්. ජනාධිපතිවරයාගේ උපදෙස් මතයි ඔවුන් අද මෙලෙස මුදා හැරීමට නියමිතව ඇත්තේ.

නිරෝධායන මධ්‍යස්ථාන 45කදී පුද්ගලයින් 3518 දෙනෙකු නිරෝධායනයට ලක් කර තිබෙනවා.

ඔවුන්ගෙන් 31 දෙනෙකු පමණයි කොරෝනා ආසාදිතයින් බවට හඳුනා ගනු ලැබුවේ.

කෙසේ වෙතත්, ඉතාලියේ සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක්නොවුණු කුඩා ළමයින් ඇතුළු 12 දෙනෙකු සම්බන්ධයෙන් තොරතුරු මේ වන විට අනාවරණ වී තිබෙනවා.

ඔවුන් සම්බන්ධයෙන් යම් තොරතුරක් දන්නේ නම් 119 දුරකථන අංකයට, සහ 0718 591 864 ඇමතීමෙන් ද ලබා දීමේ  හැකියාව පවතිනවා.

මීට අමතරව 0112 444 480 - 81 යන දුරකථන අංක ඇමතීමෙන් ද තොරතුරු ලබාදීමේ හැකියාව පවතින බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

කොරෝනා වෛරසය ආසාදනය වූ මෙරට පළමු රෝගියා වන 52 හැවිරිදි සංචාරක මග පෙන්වන්නා සම්පූර්ණ සුවය ලබා ඊයේ අයි.ඞී.එච්. රෝහලෙන් පිටව ගියා.

ලොව පුරා රටවල කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා විවිධ සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරනවා.

ඒ අතර මුඛ ආවරණයක් පැළදීම විශේෂිතයි. කෙසේ වෙතත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළේ මුඛ ආවරණයක් පැළදීම අත්‍යාවශ්‍ය නොවන කරුණක් බවයි.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top