දිස්ත්‍රික්ක 08කට පනවා තිබූ ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට
Tuesday, 24 March 2020 - 7:21 | Views - 1,426
කොළඹ, ගම්පහ, පුත්තලම යන දිස්ත්‍රික්ක 03 සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 කට ක්‍රියාත්මක කර තිබූ ඇඳිරි නීතිය අද (24) උදෑසන 6.00ට තාවකාලිකව ඉවත් කෙරුණා.

එම දිස්ත්‍රික්ක 08 සඳහා අද (24) දහවල් 12.00ට නැවත ඇඳිරි නීතිය පනවන අතර එය මාර්තු 27 වන සිකුරාදා උදෑසන 6.00 දක්වා ක්‍රියාත්මකයි.

ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කෙරන කාල සීමාව තුල දිවයිනේ සියලු දිස්ත්‍රික්ක අතර ගමනාගමනය ද සම්පූර්ණයෙන් තහනම් කර තිබෙනවා.

සිකුරාදා (27) දහවල් 12.00 සිට යළිත් එම දිස්ත්‍රික්ක 08 සඳහා ඇඳිරි නීතිය බලපැවැත්වෙනු ඇති.

දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලට ඊයේ (23) පස්වරු 2.00 සිට ක්‍රියාත්මක ඇඳිරි නීතිය 26 වන බ්‍රහස්පතින්දා උදෑසන 6.00ට ඉවත්කර යළි එදිනම දහවල් 12.00 සිට නැවත ඇඳිරි නීතිය පනවනු ලබනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top