හිරු මෙගා ස්ටාර්ස් මහා සුපිරි තරු සංග්රාමයේ ආර්යන්ස් සහ මායන්ස් ගැටුම
Monday, 13 March 2017 - 18:56 | Views - 2,537

හිරු මෙගා ස්ටාර්ස් මහා සුපිරි තරු සංග්රාමයේ පසුගිය සෙනසුරාදා රාත්රිය බබළවමින් තරඟ කල කණ්ඩායම් දෙක වූයේ ආර්යන්ස් හා මායන්ස් කණ්ඩායම් ද්විත්වයයි.
සුපුරුදු පරිදි මේ තරඟයේදීත් කණ්ඩායම් දෙකෙහි දක්ෂතා හා නිර්මාණ අධීක්ෂණය කිරීමට ගෞරවනීය විනිශ්චය මණ්ඩලය ලෙස එක් වූයේ ප්රවීණ රංගනවේදී රවීන්ද්ර රංදෙණිය, සුන්දරත්වයෙන් හා රංගන පෞරුෂත්වයෙන් පරිපූර්ණ සබීතා පෙරේරා, නර්ථනයෙන් හා රංගනයෙන් සැමගේ හද බැඳ ගත් දිල්හානි ඒකනායක සමගින් ආරාධිත විනිසුරු අසුන හිමිවූ සම්මානනීය සංගීතවේදී නවරත්න ගමගේ.
ප්රේක්ෂක සැම ආදරයෙන් හා උණුසුමින් පිළිගනිමින් මෙම තරඟාවලියේ තීරණාත්මක සාධකය වූ කාසියේ වාසිය උරගා බැලුවේ එදින තරඟ වැදුණු ආර්යන්ස් කණ්ඩායමේ නායක ධනංජය සිරිවර්ධන හා මායන්ස් කණ්ඩායමේ නායිකාව සේමිණි ඉද්දමල්ගොඩ විසින් වන අතර කාසියේ වාසිය තම කණ්ඩායම වෙතට හරවා ගන්නට සමත් වූයේ මායන්ස් කණ්ඩායමයි.
මෙහිදී මායන්ස් කණ්ඩායම නර්ථනවරය තුළින් සුවිශේෂී ඉදිරිපත් කිරිමක් ප්රේක්ෂකයාට ලබාදුන් බවට සනාථ කරමින් විනිශ්චය මණ්ඩලයේ සියලු දෙනා අතින් Golden Buzzer නාදවිය.
කණ්ඩායම් දෙකෙහිම කරට කර තරඟයකින් නර්තනවරය, ගායනවරය, ස්වයංවරය හා Super Battle Round යන සියලුම තරඟවටවලින් ජයගැනීමට මායන්ස් කණ්ඩායම සමත් විය.
ඒ අනුව ආර්යන්ස් කණ්ඩායම ලකුණු 17ක් සමගින් 5 වන ස්ථානය ද, මායන්ස් කණ්ඩායම ලකුණු 27ක් සමගින් 4 වන ස්ථානය ලෙස ද ලකුණු පුවරුවේ රැඳී සිටියි.
සම්පූර්ණ තරඟාවලිය පහතින් බලන්න.
Share This Article