ජකර්තා අගනුවරත් වසයි
Monday, 23 March 2020 - 15:07 | Views - 1,014
ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර අද සිට වසා දැමීම ආරම්භ කර තිබෙනවා.
මිලියන 10 කට අධික ජනතාවක් ජීවත්වන ජකර්තා නගරයේ පසුගිය සිකුරාදා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කෙරුණා.
ඒ අනුව අද සිට අප්‍රේල් 2 වනදා දක්වා ජකර්තා අගනුවර සියලු අවන්හල්, සිනමාශාලා සහ සමාජශාලා වසා දැමීමට පියවර ගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
එමෙන්ම අදාළ කාලසීමාව තුළ පොදු ප්‍රවාහන සේවාද සීමා කරන ලෙස පාලනාධිකාරිය උපදෙස් ලබාදී තිබෙනවා. ඉන්දුනීසියාවේ මේ වනවිට කොරෝනා ආසාදිතයන් 514 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 48 ක්.
Share This Article