වයඹ පළාතට සහ දිස්ත්‍රික්ක තුනකට හෙට වැඩි උණුසුමක්
Monday, 23 March 2020 - 14:27 | Views - 1,008
වයඹ පළාත මෙන්ම මන්නාරම, ගම්පහ සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට හෙට දිනයේ වැඩි අවධානයක් යොමු කළ යුතු උණුසුම් කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ අදාළ ප්‍රදේශවල ජනතාව සෞඛ්‍ය අංශ සිදුකර ඇති පූර්ව දැනුවත් කිරීම් අනුව ප්‍රමාණවත් ලෙස ජලය පානය කළ යුතු අතර, අධික වෙහෙසකාරී කටයුතුවලින් වැළකී සිටිය යුතු බවයි.
Share This Article