කොරෝනා මර්දන සාක් අරමුදලට ජනපතිගෙන් ඩොලර් පනස් ලක්ෂයක්
Monday, 23 March 2020 - 14:20 | Views - 1,915
කොරෝනා වෛරසය මර්දනය සඳහා ස්ථාපිත සාක් අරමුදලට මුදල් පරිත්‍යාග කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රතිඥා ලබාදී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ මේ අනුව ජනාධිපතිවරයා එම අරමුදලට ඇමරිකානු ඩොලර් පනස් ලක්ෂයක් පරිත්‍යාග කිරීමට කටයුතු කරන බවයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මූලිකත්වයෙන් පසුගිය 15 වනදා පැවති දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංගමය හෙවත් සාක් හවුලේ රාජ්‍ය නායකයන්ගේ වීඩියෝ සම්මන්ත්‍රණයේදි මෙම අරමුදල ස්ථාපනය කරනු ලැබුවා.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිිකට් ආයතනය තීරණය කර ඇත්තේ කොවිඞ් 19 ව්‍යාප්තිය හේතුවෙන් මතුව ඇති තත්ත්වය සමනය කරගැනිම සඳහා රුපියල් මිලියන 25 ක මුදලක් ලබාදීමටයි.

එම මුදල ඉතා ඉක්මනින් රජයට භාරදීමට කටයුතු කරන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top