ටෝකියෝ ඔලිම්පික් කල් නොදමන්නේනම්, ඔස්ට්‍රේලියාව සහ කැනඩාව ඉවත්වන බව කියයි
Monday, 23 March 2020 - 12:04 | Views - 677
ටෝකියෝ ඔලිම්පික් තරඟාවලිය කල් නොදමන්නේ නම් ඔස්ට්‍රේලියාව සහ කැනඩාව ඉන් ඉවත්වන බව ප්‍රකාශ කර තිබෙනවා.
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ අවම වශයෙන් වසරක්වත් ටෝකියෝ ඔලිම්පික් තරඟාවලිය කල් දැමිය යුතු බවයි ඔවුන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් ඉල්ලා ඇත්තේ.
ජූලි 24 වනදායින් ආරම්භවීමට නියමිත ටෝකියෝ ඔලිම්පික් තරඟාවලිය අගෝස්තු මස 9 වනදා දක්වා පැවැත්වීමටයි සැළසුම් කර තිබුණේ.
කෙසේ වෙතත් මෙම තරඟාවලිය අවලංගු නොකරන බවත්, එය ලබන වසරේදී ටෝකියෝහිදීම පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බවත් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බැජ් ප්‍රකාශ කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.
ටෝකියෝ ඔලිම්පික් තරඟාවලිය කල් දැමීමට ඉඩ ඇති බව ජපාන අගමැති ෂිං ෂෝ අබේ ද ප්‍රකාශ කර තිබෙනවා.
Share This Article