සෞඛ්‍ය ඇමතිනියගෙන් ජනතාව වෙත ඉල්ලීමක්
Monday, 23 March 2020 - 9:25 | Views - 1,675

කොරෝනා වෛරසය වැළැක්වීම සඳහා රජය මගින් ලබා දී ඇති උපදෙස් පිලිපැදීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
මේ වනවිට ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 86 දක්වා ඉහළ ගොස් ඇති තත්ත්වයක් තුළ ඇඳිරි නීතිය ඉවත් කළ ද, ජනතාව සැලකිලිමත්ව කටයුතු කළ යුතු බවයි හිරු ප්රවෘත්ති අංශය සමඟ අදහස් දක්වමින් ඇය කියා සිටියේ.
එමෙන්ම, ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල බැංකු සේවකයන් සඳහා සේවා ස්ථාන වෙත වාර්තා කිරීමට පොලිස්පතිවරයා විසින් විශේෂ අවසරයක් ලබාදී ඇති බව පොලීසිය පවසනවා.
ඇඳිරි නීතිය ඉවත් නොකළ ප්‍රදේශවල ජනතාවට පොලීසිය ලබාදී ඇති නියෝග අනුව කටයුතු කරන ලෙසයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ දැනුම් දෙන්නේ.
එසේම ගර්භනී සායන සඳහා මව්වරුන්ට බාධාවකින් තොරව සහභාගි වීමට අවස්ථාව සලසා දී ඇති බව ද ඔහු කියා සිටියා.
මේ අතර, ලබන ජූලි මස 24 වනදා ආරම්භ වීමට නියමිත ටෝකියෝ ඔලිම්පික් තරඟාවලිය කල් දැමීමට ඉඩ ඇති බව ජපාන අගමැති ෂිං ෂෝ අබේ ප්‍රකාශ කළා.
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඊයේ නිවේදනය කළේ මෙම තරඟාවලිය අවලංගු කිරීම සම්බන්ධයෙන් වන තීරණය ඉදිරි සති 4 ඇතුළත ගන්නා බවයි.
ටෝකියෝ ඔලිම්පික් තරඟාවලිය සඳහා සිය ක්‍රීඩකයින් සහභාගි නොකිරීමට කැනඩා ඔලිම්පික් කමිටුව ද තීරණය කර තිබෙනවා.
Share This Article