කොරෝනා වෛරසයයෙන් මිය යන ඉතාලියට පණ දෙන්න ආ කියුබානු සුදු ලෝගු හමුදාව
Monday, 23 March 2020 - 8:34 | Views - 2,220
කොවිඩ් 19 හෙවත්, නව කොරෝනා වෛරසයයෙන් මේ වනවිට වැඩිම බලපෑමකට ලක්වූ රට බවට ඉතාලිය පත්ව අවසන්.

මෙම වෛරසයය අසාදනය වීමෙන් 5,476 දෙනෙකු මේ වන විට ඉතාලියේ මියගොස් තිබෙනවා.

ඉතාලියේ පුද්ගලයින් 59,138 දෙනෙකුට මෙම වෛරසය අසාදනයවී ඇති බවයි වාර්තා වන්නේ.

කොරෝනා වෛරසයයෙන් මේ වනවිට දැඩි බලපෑමකට ලක්ව තිබෙන ඉතාලියේ සෞඛ්‍ය සේවා සඳහා සහාය ලබාදීමට කියුබානු රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව කියුබානු සුදු ලෝගු හමුදාව ලෙස නම්දරා ඇති 52 දෙදෙනකුගෙන් යුත් ශක්තිමත් කියුබානු වෛද්‍ය කණ්ඩායමක් පසුගියදා ඉතාලියට පැමිණි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉතාලියට පැමිණි පසු උණුසුම් පිළිගැනීමක් එම වෛද්‍ය කණ්ඩායමට හිමිව ඇති අතර ඒ සම්බන්ධයෙන් වන වීඩියෝවක් සමාජ මාධ්‍ය වල මේ වනවිට සැරිසරනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top