ආඳාඋල්පත - ගලහිටියාව වැව අසලින් පුද්ගල මළ සිරුරක් හමුවෙයි
Monday, 23 March 2020 - 7:59 | Views - 1,591
ආඳාඋල්පත, ගලහිටියාව වැව ආසන්නයේ තිබී ඊයේ (22) පස්වරුවේ පුද්ගල මළ සිරුරක් හමුව තිබෙනවා.
රිදීමාලියද්ද පොලිසිය පැවසුවේ 21 වනදා සිට අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් මෙලෙස සොයා ගත් බවයි.
මෙලෙස හමුව ඇත්තේ ගලහිටියාව ප්රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි පුද්ගලයෙක්ගේ සිරුරක්.
මෙය පුද්ගල ඝාතනයක් බවට සැකකෙරෙන බවයි පොලිසිය පැවසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් රිදීමාලියද්ද පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
Share This Article