සිඩ්නි සහ මෙල්බන් නගර වසා දැමීමට පියවර
Sunday, 22 March 2020 - 16:06 | Views - 2,485
කොවිඩ් නයින්ටීන් සීග්‍ර ව්‍යාප්තියත් සමඟ ඉදිරි පැය 48ක කාලය තුළ ඕස්ට්‍රේලියාවේ විශාලතම නගර දෙක වන සිඩ්නි සහ මෙල්බන් නගර වසා දැමීමට පියවර ගෙන ඇති බව විදෙස් වාර්තා සදහන් කළා.
එමෙන්ම, කැන්බරා අගනුවර අවහන්හල් සහ ආපනශාලා වසා දැමීමට මේ වන විටත් රජය නිවේදනය කර තිබෙනවා.
ඕස්ට්‍රේලියාවේ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1315 දක්වා ඉහළ යාමත් සමඟ වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙම සීමා කිරීම් සිදුකරන බවයි අගමැති ස්කොට් මොරිසන් ප්‍රකාශ කළේ.
Share This Article