බ්‍රිතාන්‍යය, ඉතාලියට සති දෙකක් පිටුපසින් අගමැති බොරිස් ජොන්සන් අනතුරු අඟවයි
Sunday, 22 March 2020 - 11:44 | Views - 2,632
කොරෝනා වෛරසය බි්‍රතාන්‍යය තුළ පැතිරීම වැළැක්වීම සඳහා හැඟීමකින් යුතුව කටයුතු කරන ලෙස අගමැති බොරිස් ජොන්සන් එරට වැසියන්ගෙන් ඉල්ලීමක් කළා.

බ්‍රිතාන්‍යය අද මව්වරුන්ගේ දිනය සමරණ අතර, අගමැතිවරයා ඉල්ලා සිටියේ එම දිනය සළකුණු කරමින් වුවද එක් රැස් නොවන ලෙසයි.

රෝගය ව්‍යාප්තවීම වැළැක්වීමට නම් සමාජ දුරස්ථභාවය සඳහා වූ උපදේශයන් නිසි පරිදි පිළිපැදිය යුතුයි.

ඒ සඳහා වීර්යවන්ත ජාතික ප්‍රයත්නයක් ක්‍රියාත්මක විය යුතු බවයි අගමැති බොරිස් ජොන්සන් කියා සිටියේ. බ්‍රිතාන්‍යයේ මේ වනවිට 233 දක්වා ඉහළ ගොස් ඇති අතර, එරට ආසාදිත සංඛ්‍යාව 5,000 ඉක්මවා තිබෙනවා.

කෙසේ නමුත් බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවාව අනතුරු අඟවා ඇත්තේ මිලියන 1.5 ක් බ්‍රිතන්‍යවාසින් කොරෝනා වෛරසයට ගොදුරුවීමේ අවදානමක් පවතින බවයි. ඔවුන්ට ඉදිරි සති 12 තුළ ස්වයං නිරෝධායන පියවර ගන්නා ලෙස රජය මගින් කෙටි පණිවුඩ යැවීමට කටයුතු යොදා තිබෙනවා.

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් වැඩිදුරටත් කියා සිටියේ යුද්ධයේදී හෝ සාමයේදී කිසිදා අත්නොදුටු තත්ත්වයක් දැන් උදාවී ඇති බවයි.

සිය රටේ කොරෝනා මරණ සහ ආසාදිත සංඛ්‍යාව ඉතාලියට වඩා සාපේක්ෂව අඩුවුවත් බ්‍රිතාන්‍යය සිටින්නේ ඉතාලියට සති දෙකක් පමණ ආසන්න දුරකින් බවට අගමැති බොරිස් ජොන්සන් අනතුරු අඟවා සිටියා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top