ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 338ක් අත්අඩංගුවට
Sunday, 22 March 2020 - 11:21 | Views - 694
පසුගිය සිකුරාදා පස්වරු හයට ඇඳිරි නීතිය පැනවීමෙන් පසු අද උදෑසන 9 දක්වා කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 338 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය ප්‍රකාශ කළා.
ඉන් වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ මාර්ගයේ නිකරුණේ ගැවසීම සම්බන්ධයෙන්.
මීට අමතරව ක්‍රීඩා පිටියක පිරිසක් වශයෙන් එක්රැස්ව මත්පැන් පානය කිරීම, වාහනවලින් මාර්ගයේ ගමන් කිරීම, ආපනශාලා විවෘත කර තිබීම, බීමත්ව මාර්ගයේ අශෝබන ලෙස හැසිරීම සහ වෙළඳාම් කිරීම ආදී සිද්ධීන් සම්බන්ධයෙන්ද මෙලෙස පුද්ගලයින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Share This Article