කොරෝනා ආසාදිත බවට සැක සිතා රෝහලට ඇතුළත් කර සිටි මවක් නිරෝගී දරු උපතක් සිදුකරයි
Sunday, 22 March 2020 - 10:04 | Views - 1,046
කොරෝනා ආසාදිත බවට සැකපිට කොළඹ කාසල් රෝහලට ඇතුළත් කර සිටි මවක් නිරෝගී දරු උපතක් සිදුකර තිබෙනවා.
ඇයගේ සැමියා පසුගිය 28 වැනිදා ඉතාලියේ සිට පැමිණ ඇති අතර, නව කොරෝනා වෛරසයට සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් එම කාන්තාවද රෝහල් ගත කර තිබුණා.
ඊයේ (20) අදාළ කාන්තාව තම දරුවා ප්‍රසූත කර ඇති අතර, කාසල් රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය එම කටයුතුවලට සහභාගී වී ඇත්තේ, නව කොරෝනා වෛරසයට ගොදුරු වීමේ අවදානමද නොතකමින්.
කෙසේ වෙතත්, රෝහල් අධ්යක්ෂ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ මහතා පැවසුවේ, අදාළ කාන්තාවට නව කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇති බවයි.
Share This Article