කොරෝනා වෛරස් රෝගය නිරෝධායනීය රෝගයක් ලෙස ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කෙරේ
Sunday, 22 March 2020 - 9:12 | Views - 3,699

කොවිඩ් - 19 හෙවත් කොරෝනා වෛරස් රෝගය නිරෝධායනීය රෝගයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ පැවරී ඇති බලතල අනුව අදාළ ගැසට් නිවේදනය නිකුත් කළ බවයි එහි දැක්වෙන්නේ.
ඒ අනුව කොරෝනා වෛරස් ආසාදිතයන් අනිවාර්යෙන්ම නිරෝධායනයට ලක් කිරීම සඳහා නීතිමය පදනමක් සැකසෙනු ඇති.
මීට අමතරව ස්ථර තුනක් සහිත නොවියන ලද ඉවත දැමිය හැකි ශල්‍ය මුහුණු ආවරණ සහ එන් - 95 වර්ගයේ මුහුණු ආවරණ ශ්‍රී ලංකාවෙන් අපනයනය කිරීම හෝ ප්‍රති අපනයන වළක්වාලමින්ද ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
2015 අංක 05 දරණ ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේද සෞඛ්‍ය අමාත්‍යවරිය විසින්.
මේ අතර, ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කරන කාලසීමාව තුළදී මත්පැන් අලෙවිසැල් සියල්ල වසා තැබිය යුතු බවට සුරාබදු කොමසාරිස්වරයා විසින් දැනුම් දීමක් කර තිබෙනවා.
ඒ, ජනාධිපති මාධ්‍ය අංශය මගින් නිකුත් කළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ නිවේදනයේ විධිවිධානවලට අනුවයි.
කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරස් රෝගය පාලනය කිරීමේ උපාය මාර්ගයක් ලෙස රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ගවලට සහය දැක්විය යුතු බවයි සුරාබදු කොමසාරිස් ජනරාල් ආරියදාස බෝදරගම අවධාරණය කළේ.
එසේ කිරීමට අපොහොසත් වන සුරාබදු බලපත්‍රධාරීන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවන බව ඔහු කියා සිටියා.
මේ සම්බන්ධයෙන් වන පැමිණිලි 1913 හදිසි ඇමතුම් අංකය ඔස්සේ සුරාබදු දෙපාර්තමේන්තු මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරිය වෙත යොමුකළ හැකියි.
Share This Article