කොරෝනා වෛරස් ආසාධිතයන්ට ප්‍රතිකාර කිරීමට ඉරණවිල වොයිස් ඔෆ් ඇමරිකා ගොඩනැගිලි සංකීර්ණයත්
Sunday, 22 March 2020 - 9:03 | Views - 2,118
කොරෝනා වෛරස් ආසාධිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඊයේ දිනයේ සිට මුල්ලේරියාව රෝහල සම්පූර්ණයෙන් සකස්කර තිබෙනවා.
ඒ යුද හමුදාවේ ද සහයෝගය සහිතවයි.
එමෙන්ම කොරෝනා වෛරස් ආසාධිත බවට සැක සහිත මාතෘ රෝගීන්ට ප්‍රතිකාර සඳහා නෙවිල් ප්‍රනාන්දු රෝහල පවරාගෙන තිබෙනවා.
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයීය රෝහල සහ හෝමාගම මූලික රෝහල ද ප්‍රතිකාර සඳහා යොදාගෙන ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ හිරු ටී වී පත්තරේ විස්තරේ වැඩසටහන සමග සජීවීව එක්වෙමින් කියාසිටියේ.
මීට අමතරව ඉරණවිල පිහිටි වොයිස් ඔෆ් ඇමරිකා ගොඩනැගිලි සංකීර්ණය ද කොරෝනා වෛරස් ආසාධිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා පවරාගෙන තිබෙනවා.
පුත්තලම දිස්ත්‍රික්කයේ සැක සහිත රෝගීන්ට ඉන් ප්‍රතිකාර ලබාගත හැකි බවයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයා කියාසිටියේ.
Share This Article