දඹදිව වන්දනාවේ නිරතව සිටි ශ්‍රී ලාංකිකයින් 396 දෙනෙකු දිවයිනට
Sunday, 22 March 2020 - 8:13 | Views - 653
දඹදිව වන්දනාවේ නිරතව සිටි ශ්‍රී ලාංකිකයින් 396 දෙනෙකු ඊයේ රාත්‍රියේ සහ අද අලුයම කටුනායක ගුවන් තොටුපළින් දිවයිනට පැමිණ තිබෙනවා.

ගුවන් තොටුපළ හිරු වාර්තාකරු සඳහන් කළේ රාත්‍රී 10.40ට පමණ ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 196 දරණ ගුවන් යානයෙන් පුද්ගලයින් 298 දෙනෙකු දිවයිනට පැමිණි බවයි.

පසුව සියළු දෙනාම නිරෝධායන කටයුතු සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව මගින් අදාළ මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් තිබෙනවා.

එමෙන්ම අද අලුයම 3.26 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්. 126 දරණ යානයෙන්ද දඹදිව වන්දනාව සඳහා ගිය පුද්ගලයින් 98 දෙනෙකු දිවයිනට පැමිණියා.

ඔවුන්ද නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට නියමිතයි.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් කටුනායක ගුවන් තොටුපළ වසා තිබියදී දඹදිව වන්දනාවේ ගොස් සිටි පිරිස් ගෙන්වා ගැනීම සඳහා විදේශ සබඳතා අමාත්‍යාංශය මෙලෙස පියවර ගනු ලැබුවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top