කොළඹ, ගම්පහ සහ පුත්තලමේ ඇඳිරි නීතිය අඟහරුවාදා උදෑසන 6 දක්වා දීර්ඝ කෙරේ
Saturday, 21 March 2020 - 19:53 | Views - 793

කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවලට ක්‍රියාත්මක ඇඳිරි නීතිය ලබන අගහරුවාදා (24) උදෑසන 6 දක්වා දීර්ඝ කර තිබෙනවා.
එදිනම පස්වරු 2ට යළිත් එම දිස්ත්‍රික්වලට නැවත ඇඳිරි නීතිය පනවන බවයි නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.
අනෙක් දිස්ත්‍රික්වල ඇඳිරි නීතිය සඳුදා උදෑසන 6ට ඉවත් කෙරෙන අතර නැවත එදිනම දහවල් 2 සිට යළි ක්‍රියාත්මක වනවා.
මෙම දිස්ත්‍රික්වලට පනවනු ලබන ඇඳිරි නීතිය අඟහරුවාදා උදෑසන 6 දක්වා බලපැවැත්වෙනු ඇති.
සියලු දිස්ත්‍රික්වල ඇඳිරි නීතිය නැවත පැනවීම පිළිබඳ පසුව දැනුම්දෙන බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.
ඇඳිරි නීතිය ඉවත් කෙරෙන සෑම අවස්ථාවකම දිවයින පුරා සියලු මත්පැන් අළෙවිසැල් වසා තැබිය යුතු බවටයි රජය දැනුම් දෙන්නේ.
ගොවිතැන් කටයුතු සිදු කෙරෙන දිස්ත්‍රික්වල ගොවි ජනතාවට සිය කාර්යයන් බාධාවකින් තොරව කරගෙන යාමට ඉඩ ලබාදෙන ලෙසටයි රජය පොලිසියට උපදෙස් ලබාදී ඇත්තේ.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ සෙසු භාණ්ඩ තොග ප්‍රමාණවත් තරම් ගබඩා කර ඇති බැවින් අනවශ්‍ය ලෙස භාණ්ඩ රැස් කිරීමට කලබල නොවන ලෙස ද රජය ජනතාවට දැනුම් දෙනවා.
එමෙන්ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බාධාවකින් තොරව අවශ්‍ය ස්ථාන වෙත ප්‍රවාහනය කිරීමට ද විධි විධාන සලසා ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
Share This Article