පිළිකා රෝගීන්ට විශේෂ දැනුම්දීමක්
Saturday, 21 March 2020 - 17:06 | Views - 4,202
පිළිකා රෝගීන්ගේ අවධානය පිණිස යනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

එවැනි අයෙකුට  කොරෝනා රෝගයේ රෝග ලක්ෂණ ඇත්නම්,  කොරෝනා රෝගය සඳහා වෙන්වූ ආසන්නතම රෝහල අමතන්න ලෙසත් පිළිකා රෝහල වෙත පැමිණීමෙන් වලකින ලෙසත් එහි දැක්වෙනවා.

එවැනි අයෙකු පිළිකා රෝගයක් සඳහා දැනට ප්‍රතිකාර ගන්නේ නම්, සුපුරුදු පරිදි පිළිකා සායනයට හෝ මධ්‍යස්ථානයට පැමිණෙන ලෙසද එහි සඳහන්.

එවැන්නෙකු පිළිකා රෝගයකින් පසු ප්‍රතිකාර සඳහා යොමුවන්නේ නම්, විශ්වාසවන්ත පුද්ගලයෙකු අවශ්‍ය ලියකියවිලි සමග පිළිකා රෝහලට එවීම මගින් අවශ්‍ය බෙහෙත් ලබා ගන්නා ලෙසද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ඉල්ලීමක් කර තිබෙනවා.

පිළිකා රෝගය සදහා ප්‍රතිකාර අවසන් කළ, පසු විපරම සඳහා පැමිණෙන රෝගීන්, නැවත දැනුම් දෙන තුරු සායනවලට පැමිණීමෙන් වළකින ලෙසයි ඔවුන් කියා සිටින්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top