පිළිකා රෝගීන්ට විශේෂ දැනුම්දීමක්
Saturday, 21 March 2020 - 17:06 | Views - 4,203
පිළිකා රෝගීන්ගේ අවධානය පිණිස යනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.
එවැනි අයෙකුට කොරෝනා රෝගයේ රෝග ලක්ෂණ ඇත්නම්, කොරෝනා රෝගය සඳහා වෙන්වූ ආසන්නතම රෝහල අමතන්න ලෙසත් පිළිකා රෝහල වෙත පැමිණීමෙන් වලකින ලෙසත් එහි දැක්වෙනවා.
එවැනි අයෙකු පිළිකා රෝගයක් සඳහා දැනට ප්‍රතිකාර ගන්නේ නම්, සුපුරුදු පරිදි පිළිකා සායනයට හෝ මධ්‍යස්ථානයට පැමිණෙන ලෙසද එහි සඳහන්.
එවැන්නෙකු පිළිකා රෝගයකින් පසු ප්‍රතිකාර සඳහා යොමුවන්නේ නම්, විශ්වාසවන්ත පුද්ගලයෙකු අවශ්‍ය ලියකියවිලි සමග පිළිකා රෝහලට එවීම මගින් අවශ්‍ය බෙහෙත් ලබා ගන්නා ලෙසද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ඉල්ලීමක් කර තිබෙනවා.
පිළිකා රෝගය සදහා ප්‍රතිකාර අවසන් කළ, පසු විපරම සඳහා පැමිණෙන රෝගීන්, නැවත දැනුම් දෙන තුරු සායනවලට පැමිණීමෙන් වළකින ලෙසයි ඔවුන් කියා සිටින්නේ.
Share This Article